රැලකින් තනිවී.......

මෙම ගීතය මා සිත්ගත් ගීත අතරින් සුවිශේෂි ගීතයකි. අප අතරින් වියෝ වූ අසහාය ගායකයකු වන අබේවර්ධන බාලසූරිය විසින් ගායනය කරන ලද "රැලකින් තනිවී වනමැද සරනා" ගීතය ආදරය සහ ගැහැණිය, සැබෑ ප්‍රේමයේ බලසම්පන්නකම, අපූර්වත්වය පිළිබඳ පිරිමියකු විසින් ගයන අති විශිෂ්ට ගීතයකි.

රැලකින් තනිවී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත්දළ යුවලක් වගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරලුනු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනිවී . .

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වනන්ට
මට දී රැකවරනා

රැලකින් තනිවී . .

ගායනය : අබේවර්ධන බාලසූරිය
ගී පද : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : රෝහන වීරසිංහ

බාගත කිරීම මෙතනින්

ජාවා ආරමභක දේශණය

ඔබ කැමතිද JAVA ඉගෙන ගන්න සිංහලෙන්, මම JAVA කියලා දෙන්නම් සිංහලෙන් සරලව මුලසිට...ටිකක් ඉවසමු...

IMO තුලින් instant messaging

මම ඔබට කියන්න යන්නේ ඉතාම ප්‍රයෝජනවත් වෙබ් අඩවියක් ගැන මේක තමයි imo.im




IMO කියන්නේ වෙබ් බ්‍රව්සරය පාදක කොටගත්පණිවුඩ හුවමාරු කර ගැනීමේ සේවාවක්(instant messaging service) ඔබට පුලුවන් ඔබේ මිතුරන් සමග සාර්ථකව පණිවුඩ හුවමාරු කරගනීමට IMO තුලින්.
Skype, AIM, Google Talk, MSN,Facebook, MySpace and Yahoo Messenger වල සේවාව එකම වෙබ් පිටුවක් තුලින් ලබා ගත හැකි අතර Skype තුලින් කතා කිරීමේ හැකියාවද ලබාදේ.

ආරම්භක සටහන

ඔන්න ඉතින් මමත් හා පුරා කියලා සිංහල බ්ලොග් කෙරුවාව පටන් ගත්තා, හිතට දැනෙන සතුට නම් බොහොමයි.. පටන් ගත්තට මදිනෙ දැන් ඉතින් ලියන්නත් එපැයි.
ආ තව දෙයක්, මේ බ්ලොග් එකේ අඩු පාඩු වැරදි තියනවනම් ඒවා පෙන්වලා දෙන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඒ වගේම මගේ ලිපි කියෙව්වට පස්සෙ ප්‍රතිචාරයක් කිරීමටත් අමතක කරන්න එපා, බැනලා හරි කමක් නෑ දාන්න.

මගේ ගැන

මම ප්‍රදීප්, පලාත ඌව, ගෙවල් මොනරාගල, තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරුවා මොරටුව සරසවියේදී, ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක්, ජීවිතයේ අභියෝග වලට මුහුන දෙමින් අලුත් අත්දැකීම් ලබන්න කැමතියි, තොරතුරු තාක්ෂණ අංශයෙන් රටට වටිනා කියන වැඩක් කරන්න තමා මගේ බලාපොරොත්තුව